ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ නව සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පෙරේදා (29) නව තනතුරේ වැඩභාර ගත්තේය. ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ ආචාර්ය ගොඩහේවා නව තනතුරේ වැඩ භාරගත් අයුරුයි. කොමිසමේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්‌ඩාර ඇතුළු ඉහළ කළමනාකාරීත්වය ද ඡායාරූපයේ සිටී.
Await for Finance, Corporate, Share Market as well as important foreign business News
2012-08-31
නාලක ගොඩහේවා වැඩ භාරගනී
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ නව සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පෙරේදා (29) නව තනතුරේ වැඩභාර ගත්තේය. ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ ආචාර්ය ගොඩහේවා නව තනතුරේ වැඩ භාරගත් අයුරුයි. කොමිසමේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්‌ඩාර ඇතුළු ඉහළ කළමනාකාරීත්වය ද ඡායාරූපයේ සිටී.
2012-08-30
කොටස් වෙළඳ පොළේ ආශ්චර්යය
කොටස් වෙළෙඳපොළ නියාමනය කරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය
කොමිසමේ සභාපතිවරු දෙදෙනෙක් ම ස්‌වාධීනව රාජකාරි කටයුතු
කිරීමට නොහැකි යෑයි පවසමින් ඉල්ලා අස්‌වීම හමුවේ විශාල
අර්බුදයක් නිර්මාණය වී තිබිණි. තිලක් කරුණාරත්න මහතා කෙළින්ම
කියා සිටියේ කොටස් වෙළෙඳපොළ මාෆියාවෙන් එල්ල වූ දැඩි බලපෑම්
හමුවේ තමා ඉල්ලා අස් වූ බවයි. සුරැකුම්පත් හා විනිමය කොමිසම
යනු කොටස් වෙළෙඳපොළ නියාමනය කළ යුතු ආයතනය වුවත්, ඒ වෙනුවට
සිදුවූයේ කොටස් වෙළෙඳපොළේ බලගතු ආයෝජකයන් ඉතා සුළු පිරිසක්
විසින් එම නියාමක ආයතනයේ සභාපතිවරුන් දෙදෙනකුටම ඉල්ලා
අස්‌වෙනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් නොමැති තත්ත්වයට පත්
කිරීමයි. ඒ අනුව තිලක් කරුණාරත්න ද ඉල්ලා අස් වූ අතර ඉන් පසු
එම තනතුරට ආචාර්ය නාලක ගොඩහේවා පත් කරනු ඇති බවට ආරංචි පැතිර
ගියේය. ඒ ආරංචිය යථාර්ථයක් බවට පත් කරමින් ව්‍යාපාරික දිලිත්
ජයවීරට හිමිකම් ඇති සමාගම්වල ඉහළ තනතුරු දැරූ ආචාර්ය නාලක
ගොඩහේවා, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව
සභාපතිවරයා ලෙස පෙරේදා (28 දා) පත් කරනු ලැබීය. මේ පසුබිම තුළ
කොටස් වෙළෙඳපොළ නියාමනය සහ ආයෝජක රැකවරණය ගැන අපි මේ ලිපියෙන්
සාකච්ඡා කරමු.
2012-08-28
හැරී, ලංකා මිල්ක් ෆුඩ්ස් ගැන කතා කරයි
සමාගමේ කිරි පිටි ආනයනය කිරීමේ ව්‍යාපාරික කටයුතු වලට රජයේ මිල පාලන ප්‍රතිපත්ති හා ආනයන බදු නිසා පහරක් වැදුණු නමුත් දියර කිරි හා අනිකුත් නිෂ්පාදන ඇතුළුව ලාභ ලබන කිරි ගොවිපොළවල් දෙකක් සමාගම සතුව තිබේ.
සමාගමේ වාර්ෂික වාර්තාවෙන් සභාපති හැරී ජයවර්ධන කොටස් කරුවන්ට දැනුම් දී තිබෙන්නේ ආනයන කළ මිලට වඩා දේශීය වෙළඳ පොළේ කිරි පිටි විකිණීමට සිදුවූ නිසා කර්මාන්තයට පසුගිය කාලයේදී පහරක් වැදුණු බවයි.
ලෝක වෙළඳ පොළේ කිරි පිටි මිල වැඩි වුවත් ලංකාවේ කිරි පිටි මිල වැඩිකිරීමට නොහැකි වූ බවත් මේ නිසා බොහෝ කිරි පිටි නිෂ්පාදන වෙළඳ නාම සිය වෙළඳ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු සඳහා දරන වියදම් කපා දැමූ බවත් මෙහිදී ජයවර්ධන මහතා පවසා තිබේ.
කෙසේවෙතත්, මෙවැනි වාතාවරණයක් තුළදී ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම සිය කිරිපිටි කාණ්ඩයේ ව්‍යාපාරික කටයුතු අඩුකර ගනිමින් අනිකුත් විවිධාංගීකරණය වූ කාණ්ඩවල ව්‍යාපාරික කටයුතු පුළුල් කර ගැනීමට සමත්වූ නිසා යම් සහනයක් ලැබුණු බව හෙතෙම වැඩිදුරටත් කොටස් කරුවන්ට පවසා ඇත.
රජය විසින් දියර කිරි පරිභෝජනය වැඩි කිරීමට ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කළ බවත් මෙය කිසිදු සැකයකින් තොරව දේශීය කිරි කර්මාන්තයට යහපත් දෙයක් බවත් පවසා තිබෙන ජයවර්ධන මහතා පවසා තිබෙන්නේ සමාගමට අයත් අඹේවෙල ගොවිපොළ රුපියල් මිලියන 23.3 කද, පට්ටිපොළ ගොවිපොළ රුපියල් මිලියන 32.3 කද ලාභයක් 2012 මාර්තු වලින් අවසන් වන මුදල් වසරේදී ලබාගත් බවයි.
By:Vimasuma
2012-08-27
එටිසලාට් සමූහයේ ආදායම එම්රේට්‌ස් ඩිරාම් බිලියන 8.3 දක්‌වා වර්ධනය වේ
එටිසලාට් ශ්‍රී ලංකා සමාගම දේශීය වෙළෙඳපොළ තුළ සිදුකරන ප්‍රබල මෙහෙවර සමූහයේ වර්ධනයට ප්‍රබල දායකත්වයක් සපයයි.
අබුඩාබි රාජ්‍යය මූලස්‌ථානය කරගනිමින් ලොව පුරා සන්නිවේදන සේවා සපයන එටිසලාට් සමූහය පසුගිය කාර්තුව සඳහා ශුද්ධ ලාභය 17% කින් වර්ධනය කරගන්නට සමත්ව තිබේ. සම්පූර්ණ ආදායම එමිරේට්‌ස් ඩිරාම් (AED) බිලියන 8.252 වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 296.5 කට ආසන්න වේ. වැඩිදියුණු කරන ලද ජාලය, දත්ත වර්ධනයට නව්‍යකරණ සේවා හඳුන්වාදීම සහ ජාත්‍යන්තර මෙහෙයුම් ආදායම් 14% න් වර්ධනය වීම මෙවන් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා හේතු පාදක වී තිබේ.
සභාපති ඉවත්වීමත් සමඟ
සුරැකුම්පත් හා විනිමය කොමිසමේ
විමර්ශන ඇනහිටීමේ අවදානමක් !
තිලක් කරුණාරත්න මහතාගේ ඉල්ලා අස්‌වීමත් සමග කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතාවලට එරෙහිව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සිදුකළ සියලු විමර්ශන ඇනහිටීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි වාර්තාවේ.
සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් විමර්ශන 17 ක් සිදුකරමින් සිටි අතර තිලක් කරුණාරත්න මහතා සභාපති ධුරයට පත් වන විට ඒවා බොහොමයක විමර්ශන කටයුතු නැවතී තිබී ඇත. එම විමර්ශන නැවතී තිබුණේ කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණයක් මත නොවීමද විශේෂත්වයකි. එකී නැවතී තිබුණු විමර්ශන තිලක් කරුණාරත්න මහතා පත්වීමෙන් පසු යළි ආරම්භ වුවද ඔහුට එල්ලවූ බලපෑම් හමුවේ ඔහු ඉල්ලා අස්‌වීමෙන් පසු එකී විමර්ශන ඉදිරියට ක්‍රියාත්මක වීම පිළිබඳ දැඩි අවිනිශ්චිත තත්ත්වයක් මතු වී ඇතැයි එම කොමිෂන් සභා ආරංචිමාර්ගවලින් හෙළිවේ.
මේ ගැන හිටපු සභාපති තිලක් කරුණාරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු කීවේ හොඳ අවංක සභාපතිවරයෙකු පත්වුවහොත් එම විමර්ශන එලෙසම ඉදිරියට යැමට ඉඩ තිබුණත් එවැනි අයෙකුපත් නොවුවහොත් එම විමර්ශන යළිත් හමස් පෙට්‌ටියට යැමට ඉඩ ඇති බවයි.
මේ වන විට සුරැකුම්පත් හා විනිමය කොමිසමට සභාපතිවරයෙක් මෙන්ම ස්‌ථීර අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකුද නැත. මහාචාර්ය හරීන්ද්‍ර දිසා බණ්‌ඩාර මහතා දැනට වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබයි.

2012-08-26
සුසුකි මරුටි ගත්තොත් බ්ලූටූත් ස්පීකර් ෆෝනයක් නොමිලේ
වර්තමාන කාර්යබහුල ජීවින රටාවත් සමඟ ජනතාවට නිරන්තරයෙන් දුරකථන භාවිත කිරීමට සිදුවී තිබේ. මේ ගැටලුවට ලොව තාක්ෂණඥයන් සොයා ගත් හොඳම විසඳුම වන්නේ සෘජුව දුරකථනය භාවිත කිරීමෙන් තොරව සන්නිවේදනය කළ හැකි බ්ලූටූත් ස්පීකර් ෆෝන් තාක්ෂණයයි.
එම උපාංගය ලොව මෙබඳු උපාංග අතර ප්‍රමිතියෙන් ඉහළම උපාංගයකි. ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය සම්බන්ධ ලොව ප්‍රමුඛතම ආයතනයක් වනBlaupunkt මෙහි නිෂ්පාදකයා වන අතර සුසුකි මරුටි සමඟ ඔබට ලැබෙන්නේ නියම Blaupunkt නිෂ්පාදනයක් වන බ්ලූටූත් ස්පීකර් ෆෝන් උපාංගයකි. නවීනතම තාක්ෂණයෙන් නිෂ්පාදිත ;මම උපාංගය මඟින් දුරකථනය අතට ගැනීමකින් තොරව ඇමතුම්වලට පිළිතුරු දිය හැකිය.
ඔබේ පරිගණකය මඟින්, ඔබේ රථය තුළදීම හෝ වෙනත් සාමාන්‍ය ආරෝපණ ක්‍රමවේදයක් මඟින් ආරෝපණය කළ හැකි මෙය පැය 6 ක ආරෝපණ කාලයකින් පසු සති දෙකක් පමණ දක්වා භාවිත කිරීමේ හැකියාව පවතී.
සමාගම් 11 ක කොටස් මිලියනය ඉක්මවා අලෙවි වෙයි
දිනයේ මිල ඉහළ යාම් අතුරින් කැපී පෙනුණේ සෙලිසින්ග් සමාගමයි. සමාගමේ කොටසක මිල රුපියල් 850.00 සිට රුපියල් 1099.00 ක් දක්වා රුපියල් 249.00 කින් ඉහළ ගියේය. ෂර්ලිමාර් සමාගමේ කොටසක මිල ද රුපියල් 900 සිට 1003.20 ක් දක්වා රුපියල් 103.20 කින් ඉහළ ගියේය.
විදේශ සංචිතයේ අළුත්ම අනාවරණය මෙන්න
මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලට අනුව මේ බව හෙළිවන අතර ජුනි මාසයේදී විදේශ සංචිතය ඩොලර් මිලියන 6,045 ක් වුණි.
මහ බැංකුව පවසා තිබෙන්නේ ජූලි මාසයේදී විදේශ සංචිතය ඉහළ නැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබුණු මුදල් හා රටට ගලා ආ අනිකුත් විදේශ මුදල් ප්‍රවාහ හේතුවූ බවයි.
මෙරට ගෙවුම් ශේෂ අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලංකාව ලබාගත් ඩොලර් බිලියන 2.5 ක ණය මුදලට අදාළව ඩොලර් මිලියන 414 ක් වන අවසන් වාරිකය පසුගියදා ලැබුණු අතර එය කෙළින්ම මෙරට විදේශ සංචිතයට එකතු කෙරුණි.
පසුගිය කාලයේදී රජය විසින් ඩොලර් බිලියනයක ණයකර නිකුතුවක් සිදුකළ අතර මහ බැංකුව පවසා තිබෙන්නේ සංචාරක කර්මාන්තයේ ඉපැයීම් ජූලි අවසානය වනවිට සියයට 24.3 ක් දක්වා ඩොලර් මිලියන 460 ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි.
මීට අමතරව, විදේශයන්හි සේවය කරන මෙරට ශ්‍රමිකයින් විසින් මෙරටට ඒවූ ප්‍රේෂණ ප්‍රමාණය අදාළ කාලයේදී සියයට 12.1 කින් වර්ධනය වී ඩොලර් බිලියන 2.94 ක්වී තිබේ.
මේ වසරේ මුල් අර්ධයේදී මෙරටට පැමිණි සෘජු විදේශීය ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 452 ක්වී තිබෙන අතර විදේශීය ආයෝජකයින් විසින් ඩොලර් මිලියන 842 ක් වටිනා රජයේ සුරැකුම් පත් මිලදී ගෙන ඇත.
CEAT Kelani මෝටර් රථ ටයර් දෙගුණ කරයි
ශ්‍රී ලංකා- ඉන්දියා ඒකාබද්ධ ව්‍යාපාර සන්ධානයක් වන CEAT Kelani Tyres සමාගම සිය මෝටර් රථ හා වෑන් රථ වාර්ෂික ටයර් නිෂ්පාදනය දෙගුණ කිරීමට සූදානම් වේ.
මේ අනුව, සමාගමේ සභාපති රොහාන් ප්‍රනාන්දු පවසන්නේ සමාගම විසින් වාර්ෂිකව නිෂ්පාදනය කරන මෝටර් රථ හා වෑන් රථ ටයර් ප්‍රමාණය 500,000 ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඒ සඳහා රුපියල් බිලියන ගණනක මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
මෙම පුළුල් කිරීමේ ව්‍යාපෘතියෙන් පසුව සමාගම කළාපයේ ඉහළ තාක්ෂණයෙන් යුක්ත රේඩියල් ටයර් නිෂ්පාදනය කරන සමාගමක් ලෙස කැපී පෙනෙනු ඇති බවත් ප්‍රනාන්දු මහතා සිය වාර්ෂික වාර්තාවෙන් කොටස් කරුවන්ට දැනුම් දී ඇත.
2011 මාර්තු මාසයෙන් අවසන් වන මුදල් වසරේදී සමාගම විසින් මෙට්‍රික් ටොන් 14,700 ක් වන ටයර් නිෂ්පාදනය කර තිබෙන අතර ඉන් සියයට 32 ක් අපනයනය කර තිබේ.
අපනයන වෙළඳ පොළට සිය නිෂ්පාදන වලින් සියයට 40 ක් දක්වා යැවීමට සමාගම සැලසුම් කර ඇත.
මේ අතර, මෙරටට ගෙන්වන ටයර්වල තීරු බදු අඩුකිරීම පිළිබඳව ප්‍රනාන්දු මහතා සිය නොසතුට පළකර තිබේ.
2012-08-25
ගොවි දෑතට සවියක් අනගි සබැඳියාවක් - Browns
වසර 1872 දී ශ්‍රී ලංකා ස්‌වර්ණ භූමිය මත 25 හැවිරිදි තරුණයකු වූ ෙ-ම්ස් බ්‍රවුන් පා තැබූ මොහොතේ ඔහු වර්තමානයේ මෙරට දැවැන්ත ව්‍යාපාරයක් සඳහා නිර්මාතෘ වෙමින් පළමු පියවර ද තැබීය. වසර 1875 සිට 'බ්‍රවුන්ස්' ලෙස වඩාත් හොඳින් හඳුනන බ්‍රවුන්ස් සහ සමාගම ක්‍ෂේත්‍ර ගණනාවක නියෑලෙමින් විශිෂ්ට සේවාවන් සැපයීමේ නිරතව සිටී.
පැවැත්මෙන් වසර 20 කට පසු බ්‍රවුන්ස් කෘෂිකාර්මික අංශයට පිවිසියේ ය. බ්‍රවුන්ස් වසර 1892 දී කෘෂි අංශය පිහිටුවන ලදී. මෙරට යන්ත්‍ර සූත්‍ර භාවිත කෘෂි කර්මාන්තය සඳහා ප්‍රථම පියවර තබමින් සමාගම "Massey furguson" වෙතින් මෙරටට ප්‍රථම ට්‍රැක්‌ටරය වූ ෆර්ගි' ගෙන්වනු ලැබූයේ ශ්‍රී ලංකාවේ සමස්‌ත වගා සංකල්පයම වෙනස්‌ම තලයකට ගෙන එමිනි. එතැන් සිට පාරිභෝගිකයන් සඳහා විශිෂ්ටතම වගා කිරීමේ විසඳුම් සපයන සමාගමක් ලෙස ජනාදරය දිනූ බ්‍රවුන්ස් මෙරට ගොවි පරපුරේ වගා කිරීමේ ඵලදායිතාව, සෞභාග්‍යය සහ ප්‍රතිලාභ ද ඉහළ නැංවීමේලා නිරන්තරයෙන් යෙදී සිටී. අද වන විට බ්‍රවුන්ස් ශ්‍රී ලංකාවේ රෝද හතර ට්‍රැක්‌ටර් ක්‍ෂේත්‍රයේ දැවැන්තයකු ලෙස ඉදිරියෙන් ම සිටී.
2012-08-24
ක්ෂුද්‍ර මූල්‍යායතන නියාමනයට රජය සැරසෙයි
මෙරට තුළ තිබෙන ක්ෂුද්‍ර මූල්‍යායතන නියාමනය හා අධීක්ෂණය සඳහා නව පනතක් හඳුන්වාදීමට රජය සූදානම් වේ.
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව මගින් දැනටමත් සම්පාදනය කර ඇති පනත් කෙටුම්පත අනුව මහා පරිමාණ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ඍජු අධීක්ෂණයට හා පරීක්ෂණයට ලක් කෙරේ.
කුඩා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කෙරුණු විගණන සමාගම්වල අධීක්ෂණයට හා පරීක්ෂණයට භාජනය වන අතර එකී ක්ෂුද්‍ර මුල්‍ය ආයතන සම්බන්ධයෙන් අවශ්‍ය නියාමන පියවරයන් ක්‍රියාත්මක කරවීම සඳහා එම විගණන සමාගම් විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත වාර්තා කෙරෙනු ඇත.
සමුපකාර හා කෘෂි ක්ෂේත්‍ර යටතට ගැනෙන ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන අදාළ පනත් මගින් දැනටමත් බලාත්මක කර ඇති පරිදි එකී අධිකාරීන්ගේ නියාමනයට යටත් කෙරේ.
මෙයට අමතරව ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය යටතට අයත් ආයතන දිවි නැගුම සංවර්ධන පනතින් යෝජනා කර ඇති දෙපාර්තමේන්තුමය ව්‍යුහයේ නියාමනයට හා අධීක්ෂණයට යටත් කරන අතරතුර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එකී ආයතන සඳහා කලින් කලට ප්‍රමිති සකසනු ඇතිබව රජය කියයි.

JKH ස්ථාවර ණය ශ්‍රේණිය සහතිකයි
ශ්‍රී ලංකාව පදනම් කරගත් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී.(John Keells
Holdings PLC) සමාගම් සමූහයේ ජාතික දිගු කාලීන AAA(lka) ණය ශ්‍රේණිය ස්ථාවර
ඉදිරි දැක්මක් සමග ෆිච් රේටින්ග්ස් ලංකා සමාගම විසින් සහතික කර තිබේ.
ජෝන් කීල්ස් යනු විවිධාංගීකරණය වූ මෙහෙයුම් වත්කම් අයත් සමූහ සමාගමක් වන
අතර එහි ප්‍රධාන ආයෝජනයන් අතර ප්‍රවාහන, සංචාරක, පාරිභෝගික ආහාර නිෂ්පාදනය
හා සිල්ලර වෙළඳ, මූල්‍ය සේවා, මෙන්ම තොරතුරු තාක්ෂණය යන අංශ තිබේ.
ෆිච් විසින් මෙම ණය ශ්‍රේණිය සහතික කිරීම තුළින් පිළිඹිබු වන්නේ සමාගමේ ප්‍රධාන ආයෝජනයන් තුළින් අඛණ්ඩව ලැබෙන ශක්තිමත් ලාභාංශ හා එහි එහි පහළ මූල්‍ය තෝලනයයි. (මුදල් සංචිත අඩුකළ සංශෝධිත ණය/ පොලී, බදු, ක්ෂ්‍යවීම්, ක්‍රමක්ෂය හා බදුකුලී වලට පෙර ඉපැයීම් (adjusted debt net of cash/operating EBITDAR)).
2012 මාර්තු අවසානයේදී ජෝන් කීල්ස් සමාගම සතුවූ මුදල් සංචිතය එහි ණය ප්‍රමාණයට වඩා වැඩිවූ අතර මේ නිසා, එහි තෝලන අනුපාතය (leverage ratio) සෘණ 0.94x ක අගයක් විය.
මීට අමතරව, සමාගමේ ප්‍රධාන, ලාභාංශ ගෙවන වත්කම් බොහෝමයක ණය ප්‍රමාණය අඩු නිසා ජෝන් කීල්ස් සමාගමේ ණය හිමියන්ට පරිපාලිත සමාගම් වල වත්කම් වලට ඇති හිමිකම වැඩි වීම, නව ව්‍යාපෘති හා පුළුල් කිරීම් සඳහා මුදල් සැපයීමට සිය කොටස් කරුවන්ට ඇති කැමැත්ත හා හැකියාව හේතුවෙන් ආරක්ෂාකාරී ප්‍රාග්ධන ව්‍යුහයක් පවත්වාගෙන යාමේ ඉතිහාසය හා සමාගමේ ඉහළ ද්‍රවශීලතාවය මෙම ණය ශ්‍රේණිය මගින් අඛණ්ඩව පෙන්නුම් කරයි.

කොටස් වෙළඳපලේ "තැරැව් මාෆියාව" මෙහෙයවන්නේ කවුද?
එදා
කොළඹ සරසවියේ නීති පීඨයේ සිසුවෙකු සිටි අවදියේ කෑම වේලක් සඳහා රුපියල්
පහක් වියදම් කිරීමට නොහැකිව සිටි පුද්ගලයකුවන හා සාමන්‍යය ගුරුවරු දෙපලකගේ
පුතුවන දිලිත් ජයවීර මෙතරම් කෙටි කලක් තුල මේසා විශාල ධනස්කන්දයක් සොයාගත්
ආකාරය ඔහු විසින් හෙලිකල යුතුයි යන්න සඳහන්කරමින් ශාන් වික්‍රමසිංහ විසින්
කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පැමිණිල්ලක් ගොනුකල බව මීට පෙර ලිපියකින් අප
හෙළි කළා.දෙරණ මාධ්‍යය ආයතනයේ හා ට්‍රයි ඇඩ් ආයතනයේ කලමනාකර අධ්‍යක්ෂවරු යුවල වන්නේ දිලිත් ජයවීර සහ වරුණි අමුණුගමයි. වරුණි අමුණුගම යනු සරත් අමුණුගම අමාත්‍යවරයාගේ දියණිය යි.
ඔවුන් පිළිබඳව ටි.එන්.එල් ඉසිර ගුවන් විදුලිය ඔස්සේ උදෑසන පුවත් සමාලෝචන වැඩසටහනේ ශාන් වික්‍රමසිංහ මහතා හෙලිකල එසේ හෙළිකිරීමෙන් පසුව ඔහුට මරණ තර්ජන ලැබුණු අතර පසුව දිලිත් ජයවීර විසින් තමන්ගේ ප්‍රතිරූපයට සිදුකරන ලද හානිය වෙනුවෙන් 'ටී.එන්.එල්.' සහ 'ඉසිර' ගුවන් විදුලියට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නීතිඥවරු මාර්ගයෙන් එන්තරවාසියක්ද යවා තිබුණා.
ජෝර්ජ් ස්ටුවට් සමාගමේ බිලියන දෙකක කොටස් දිලිත් ජයවීර සතුව තිබෙ බවත්, රුපියල් මිලියන 500 කට ඔහු ලිබර්ටි ප්ලාසාහි යට තට්ටුව මිලදීගත් ගැනීමත්, හික්කඩුවේ රිෆ්කොම්බ් හෝටලය හා කල්පිටියේ සිට්‍රස් සමාගමේ කොටස් මිලදීගත් බවත් ඔහු එහිදී හෙළිකර තිබුණා
කුඩු බිස්බන්ස් වලින් හොයාගන්න කලු සල්ලි සුදු කිරීම සඳහා ව්‍යාපාරිකයන් විසින් කොටස් වෙළඳපල යොදාගන්නා බව සත්‍යයක්. පසුගිය කාලයේ දුමින්ද සිල්වා රෝහල් ගතකීර්මත් සමඟ කොටස් වෙළඳපල කඩාවැටීමටද හේතුවූයේද එයයි. ඒ සියල්ල මීට පෙර ලිපි වලින් අප හෙළි කර ඇත.
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ගෙනදුන් ජාතික ඉතිරි කිරීමේ දූෂිත ගණුදෙනුවේදී "ද ෆිනෑන්ස්" සමාගමේ 32 ට විකිණෙමින් තිබූ එක් කොටසක් රු.50/- බැගින් මිලදී ගත් විකුණුම්කරුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් වූයේ සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ සහෝදරයා වන ABC රේඩියෝ ආයතනයේ ප‍්‍රධානියා වන රෙනෝ සිල්වාය.
2012 වසරේ ප්‍රථම අර්ධයේදී සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්‍ෂණ අරමුදල රුපියල් බිලියන 41.7 පසු කරයි
මේ වසරේ පළමු මාස 6 තුළ ජීවිත රක්‍ෂණ අරමුදල සඳහා සිදුකළ රුපියල් බිලියන 3.574 ක ශුද්ධ පැවරුම සමගින් 2012 වසරේ ජුනි 30 වන දිනට සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජීවිත රක්‍ෂණ අරමුදල රුපියල් බිලියන 41.778 දක්‌වා වර්ධනය වී ඇති බව ජීවිත රක්‍ෂණ වෙළෙඳපොළ ප්‍රමුඛයා නිවේදනය කර සිටී.
2011 මුල් අර්ධ වසර තුළ සිදුකළ ශුද්ධ පැවරුම් හි වටිනාකම හා සැසඳීමේදී මෙය සියයට 13.76 ක වර්ධනයකි.
මෙම වසරේ මුල් අර්ධය තුළ ව්‍යාපාරික කටයුතුවල අඛණ්‌ඩ වර්ධනයක් පෙන්නුම් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙසට සමාගමේ මුළු ආදායම සියයට 9.18 කින් වැඩිවීමත් සමඟ රුපියල් බිලියන 6.974 ක් ලෙස වාර්තා වී ඇත.
මෙම කාලය තුළ සමාගම ලද දළ වාරික ආදායම සියයට 7.22 ක වර්ධනයක් සමඟ එය රුපියල් බිලියන 4.9 දක්‌වා ඉහළ ගොස් ඇත. මේ අතර ආයෝජන සහ අනෙකුත් ආදායම් සියයට 14.5 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.975 ක් වී ඇත.
TVS ලංකා සමාගම අති නවීන පහසුකම් සහිත සේවා මධ්‍යස්‌ථානයක් පෑලියගොඩ විවෘත කෙරේ
TVS ලංකා සමාගම, මෝටර් සයිකල් හා ත්‍රීවීලර් පාරිභෝගිකයන්ට වඩාත් කදිම සේවාවක් සැපයීමේ අරමුණෙන් අති නවීන තාක්‌ෂණික පහසුකම් සහිත සේවා මධ්‍යස්‌ථානයක් පසුගියදා පෑලියගොඩ නගරයේ දී විවෘත කෙරිණි. දශකයක් තරම් කාලයක් තුළදී ශ්‍රී ලංකාවේ මෝටර් සයිකල් හා ත්‍රීවිලර් වෙළෙඳපොළේ සැලකිය යුතු වෙළෙඳ කොටසක් හිමි කර ගන්නට සමත් වූ සමාගමක් ලෙසින් TVS ලංකා සමාගම තම පාරිභෝගිකයන්ට අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබාදීම හා මනා පුහුණුවක් ලද විශිෂ්ට කාර්මික නිලධාරීන් වෙතින් ඒවායේ කාර්යක්‍ෂමතාව වර්ධනය කිරීම මෙහිදී සිදු කෙරේ.
මෙම අති නවීන පහසුකම් සහිත සේවා මධ්‍යස්‌ථානය විවෘත කිරීම සම්බන්ධයෙන් ඔඪී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සම්පත් අගලවත්ත මහතා පැවසුවේ, නවීනතම පහසුකම් සහිත සේවා මධ්‍යස්‌ථානයක් විවෘත කිරීමෙන් TVS ලංකා සමාගමේ අරමුණ වූයේ අපේ පාරිභෝගිකයන් සංතෘප්ත වන ආකාරයේ සේවාවක් සැපයීමයි. ඒ නිසාම අප මෙම සේවා මධ්‍යස්‌ථානය නිර්මාණය කළේ, පාරිභෝගිකයන්ට තම වාහනයේ සේවාවන් සිදුවන ආකාරය ඉතා සුව පහසුවෙන් හිඳගෙන නැරැඹිය හැකි ආකාරයෙන්. ඒ වගේම පාරිභෝගිකයන්ගේ ආයෝජනය සඳහා උපරිම වටිනාකමක් ලබාදිය හැකි වෘත්තිය තාක්‌ෂණික රැසක්‌ම අප සේවයේ යොදවා තිබෙනවා යන්නය.
2012-08-23
හම්බන්තොට වරායට යළිත් චීනයේ මැදිහත්වීම
හම්බන්තොට වරායේ දෙවන අදියර ඉදිකිරීම සඳහා චීන රජය යුවාන් බිලියනයක හා චීනයේ එක්සිම් බැංකුව ඩොලර් මිලියන 600 ක ණයක් ලබාදීමට කැමැත්ත පළකර තිබේ.
මේ බව, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද පැවසීය.
හම්බන්තොට වරායේ පළමු අදියර සඳහාද ණය චීනය විසින් ලබාදුන් අතර රජය මෙම වරාය වාහන ප්‍රති අපනයනය ඇතුළු සේවා ලබාදෙන කර්මාන්ත වරායක් ලෙස සංවර්ධනය කරමින් සිටී.
සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති 'කෝප් සභාවට කැඳවන්න'
සුරැකුම්පත් සහ විනිමය නියාමන කොමිසමේ සභාපති ධුරයෙන්
ඉල්ලා අස්වූ තිලක් කරුණාරත්න පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය කාරක සභාව
ඉදිරියට කැඳවන මෙන් එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කොට තිබේ.
අවංකව ගරු සේවයක් කිරීමේ අරමුණින්, ජනාධිපති
තුමාගේ ආරාධනයෙන් තමන් කොමිසමේ සභාපති ධුරය භාරගත්තත් එහි අපක්ෂපාතීව සහ
ස්වාධීනව කටයුතු කිරීමේ ඉඩ කඩ තමන්ට නොලැබුණු බවයි, ධුරයෙන් ඉවත් වීමෙන්
පසු සංදේශය අදහස් දැක්වූ සුරැකුම්පත් සහ විනිමය නියමන් කොමිසමේ හිටපු
සභාපති තිලක් කරුණාරත්න පවසන්නේ.මානව සම්පත් කළමනාකරණ සම්මාන උළෙලේ ස්‌වර්ණ සම්මානලාභී සුපිරි 10 අතරට එක්‌වූ එකම රක්‌ෂණ සමාගම AVIVA NDB
නොබෝදා පැවැති අග්‍රගණ්‍ය මානව සම්පත් සම්මාන උළෙලේදී ස්‌වර්ණ සම්මානයෙන් පිදුම් ලද සුපිරි සමාගම් 10 අතරට එක්‌වීමට AVIVA NDB රක්‌ෂණ සමාගම සමත් විය. මෙම ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලද එකම රක්‌ෂණ සමාගමද AVIVA NDB වීම විශේෂත්වයකි.
මෙම සම්මාන ප්‍රදානෝත්සවය මානව සම්පත් වෘත්තිකයන්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලබන අතර මෙහි විශිෂ්ටත්ව ඇගයීම් සිදු කෙරෙනුයේ AVIVA Hewitt ආයතනය මගිනි. මෙම වසරේ සම්මාන උළෙල විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති අතර එහිදී AVIVA NDB රක්‌ෂණ සමාගමෙහි මානව සම්පත් පිළිබඳ අධ්‍යක්‌ෂිකා චතුරි මුණවීර විසින් සමාගම වෙනුවෙන් අදාළ සම්මානය ලබාගන්නා ලදී.
මෙම වසරෙහි ප්‍රවීණ විනිශ්චය මණ්‌ඩලය ජාත්‍යන්තර මානව සම්පත් සංගමයෙහි මානව සම්පත් විධායක අධ්‍යක්‌ෂ නීල් රිචන්බර්ග්, දකුණු ආසියාවේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්හි උප සභාපති යෂ්වන්ත් සඩෂිව්රාඕ, ලංකා සේවා සම්මේලනයෙහි ප්‍රධාන විධායක නිලධාරි සහ අධ්‍යක්‌ෂ ජනරාල් රවී පීරිස්, ලංකා වාණිජ මණ්‌ඩලයෙ හි හිටපු සභාපති චන්ද්‍රd ජයරත්න යන විද්වතුන්ගෙන් සමන්විත වූ අතර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ කළමනාකරණ මණ්‌ඩලයෙහි අධ්‍යක්‌ෂ සහ සභාපති මහාචාර්ය උදිත ලියනගේ විසින් එහි ප්‍රධානත්වය දරන ලදී.
මෙම සම්මානය සඳහා අයෑදුම් කරන ලද දේශීය සමාගම් මගින් විදහා දක්‌වන ලද ක්‍රමෝපායික දැක්‌ම පැහැදිලිව ඉදිරිපත් කරන ලද සැලසුම් කුසලතා මත පදනම් වූ සේවක බඳවා ගැනීම් සහ උසස් වීම් ලබාදීම ඇතුළුව සිදුකරන ලද යහ ක්‍රියාකාරකම් පිළිබඳව විනිශ්චය මණ්‌ඩලය අතිශය සෑහීමකට පත්වූ බව මෙහිදී මහාචාර්ය උදිත ලියනගේ පැවැසීය.
By:Divaina
කොටස් වෙළෙඳපොළ හොරු!
කොටස් වෙළෙඳපොළ නියාමනය කරන සුරැකුම්පත් හා විනිමය කොමිසමේ
සභාපතිවරුන් දෙදෙනකුටම ස්‌වාධීනව රාජකාරි කළ නොහැකිව ඉල්ලා
අස්‌වීමට සිදුව තිබේ. තිලක් කරුණාරත්න මහතා ඉල්ලා අස්‌වන බවට
ප්‍රකාශ කළ අවස්‌ථාවේ සිට ඉල්ලා අස්‌වූ දිනය දක්‌වාත් ඉන් පසු
මේ දක්‌වාත් ඔහුගේ ඉල්ලා අස්‌වීම සහ ඊට තුඩු දුන් වාතාවරණය
පිළිබඳ මාධ්‍ය තුළ පුළුල් කතිකාවක් නිර්මාණය වී තිබේ. තිලක්
කරුණාරත්න මහතාට ඉල්ලා අස්‌වීමට තුඩුදුන් කරුණුවලට සහ මේ
සමස්‌ත මාධ්‍ය කතිකාවට පුළුල් මහජන අවධානයක් ද යොමුව ඇත.
ජනාධිපතිවරයා විසින්ම පත් කළ සුරැකුම්පත් හා විනිමය කොමිෂන්
සභාවේ සභාපතිවරුන් දෙදෙනකුටම ඉල්ලා අස්‌වීම හැර වෙනත් කරන්නට
දෙයක් නැති තත්ත්වයට පත්වීම ඉතා බරපතළ කාරණයකි. එහෙත් රජය මේ
ගැන තවම නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. මේ අතර පෙරේදා (21 දා)
ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර මහතා මාධ්‍ය හමුවක් පවත්වා
ඔහුගේ අදහස් ප්‍රකාශ කළ අතර එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න
රැසකට පිළිතුරු ලබාදීම ද ඔහු විසින් සිදුකළේය. මේ පසුබිම තුළ
මතුව තිබෙන අලුත් කරුණු කාරණා පිළිබඳ අපි තවදුරටත් මේ ලිපියෙන්
සාකච්ඡා කරමු.
2012-08-22
හෝටල් 127 ක් තැනීමට රජයේ අනුමැතිය
මේ වසරේ ජූලි මාසය දක්වා හෝටල් ව්‍යාපෘති 127 ක් ආරම්භ කිරීමට රජය විසින්
අනුමැතිය ලබාදුන් බවත් එම ව්‍යාපෘතිවල හෝටල් කාමර 9,364 ක් පමණ තිබෙන බවත්
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියයි.
අමාත්‍යවරයා පැවසුවේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අනුමැතිය සඳහා ව්‍යාපෘති අයදුම්පත් 217 ක් ලැබී තිබෙන බවත් ඒවායේ වටිනාකම ඩොලර් බිලියන 2.14 ක් පමණ වන බවයි.
මේ වසරේ සංචාරකයින් 1,050,000 ක් ගෙන්වා ගැනීමේ ඉලක්ක සපුරාගත හැකි බවත් එය ගිය වසර සමග සැසඳීමේදී සියයට 22.7 ක වර්ධනයක් බවත් අමාත්‍යවරයා කීය. මේ වසරේ ජූලි දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 543,205 ක් වන අතර එය සියයට 16.7 ක වර්ධනයකි.
සංචාරක කර්මාන්තයෙන් මේ වසර්දී ඩොලර් මිලියන 980 ක ඉපැයුම් බලාපොරොත්තු වන අතර ගිය වසරේදී ඩොලර් මිලියන 838.9 ක ඉපැයුම් වාර්තා කළේය.

තිලක් ගෙදර යාම ගැන දිලිත් කතා කරයි
ආයෝජකයින් හා තැරැව්කාර කණ්ඩායමක පීඩනය හමුවේ තමා විනිමය හා සුරැකුම් පත් කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත්වූයේ යැයි තිලක් කරුණාරත්න මහතා කර තිබෙන ප්‍රකාශයට ආයෝජකයෙකු වූ දිලිත් ජයවීර මහතා අද පිළිතුරු ලබා දුන්නේය.
අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ කොටස් වෙළඳ පොළේ එවැනි මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ නම් පරීක්ෂණ පවත්වා ඔවුන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බවත් තිලක් කරුණාරත්න මහතා කළ යුතුව තිබුණේ තනතුරෙන් ඉවත්වීම වෙනුවට අඛණ්ඩව තනතුරේ රැඳී සිටිමින් අදාළ පරීක්ෂණ කටයුතු කරගෙන ගොස් වැරදිකරුවන්ට දඬුවම් කිරීම බවයි.
වැරදිකරුවන්ට දඬුවම් කිරීම වෙනුවට ආයෝජකයින් 17 දෙනෙකුට එරෙහිව පරීක්ෂණ කටයුතු සිදුකරනවා වැනි ප්‍රකාශ මාධ්‍ය හමුවේ කිරීම තුළින් කොටස් වෙළඳ පොළ කෙරෙහි තිබෙන විශ්වාසය බිඳීයන බවත් එය වෙළඳ පොළේ මුදල් ආයෝජනය කර තිබෙන ආයෝජකයින්ට ගැටලු මතුකරන්නක් බවත් හෙතෙම කීය.
තිලක් කරුණාරත්න මහතා ඉවත්වීම පිටුපස දිලිත් ජයවීර මහතා සිටීදැයි මෙහිදී නැගුණු පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසුවේ කොටස් වෙළඳ පොළට සම්බන්ධ පාර්ශව සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවකදී තමන් කොළඹ කොටස් වෙළඳ පොළ පිළිබඳව දරන මතය සම්බන්ධයෙන් ඉතා කෙටි දේශනයක් පැවැත්වූ බවත් එම අවස්ථාවේ තිලක් කරුණාරත්න මහතාද එහි සිටි බවයි.
2012-08-21
තිලක් කරුණාරත්නට අස්වීමට ආණ්ඩුව බල කළා-තිස්ස අත්තනායක
සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ
තිලක් කරුණාරත්න මහතාට එම තනතුරින් අස්වීමට බලකරනු ලැබුවේ ආණ්ඩුව යැයි
එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.
තිලක් කරුණාරත්න මහතා එම තනතුරින් ඉවත්වීමත් සමග කොටස්
වෙළඳපොළේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුව ඇතැයි එම පක්ෂයේ
මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පෙන්වාදෙයි.
කොළඹදි අද (21) පැවැති මාධ්‍ය හමුවකදි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
තිලක් කරුණාරත්න මහතා අස්වීමත් සමග කොටස් වෙළඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් ආරම්භ කර තිබු පරීක්ෂණ 17 ට සිදුවන්නේ කුමක්දැයි එජාප මහ ලේකම්වරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.
තිලක් කරුණාරත්න මහතා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති තනතුරින් පසුගිය (17) සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය හරහා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලදී.
By: අද දෙරණ

"තැරැව් මාෆියාව" කොටස් වෙළෙඳපළ අතට ගන්න හදනවා - තිලක් කරුණාරත්න
කොටස් වෙළෙඳපොළ නියාමනය කරන රාජ්‍ය ආයතනය සුරැකුම්පත් හා විනිමය කොමිසමයි.
එම කොමිසමේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් කරුණාරත්න මහතා
පසුගිය අගෝස්‌තු 17 වැනිදා එම තනතුරෙන් ඉල්ලා අස්‌විය. ඒ අනුව මෙවර "කුජදා
හමුව" වෙන්වන්නේ ඔහුගේ ඉල්ලා අස්‌වීමට හේතු වූ කරුණු කාරණා පිළිබඳ ඒ මහතා
සමග "දිවයින කළ සම්මුඛ සාකච්ඡාවටය.
ප්‍රශ්නය - ඔබ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ඉතාම කෙටි කාලයක්. ඒ කාලය තුළ ඔබේ සභාපතිත්වය යටතේ කොමිසමෙන් කළ කාර්යභාරය කුමක්‌ද?
පිළිතුර - ජනාධිපතිතුමා මේ තනතුර භාරගන්න කිව්වමත් මුලදි මම අකැමැති වුණා. එතන තියන අර්බුද මම දන්න නිසා. මමත් දිගු කලක් තිස්‌සේ කොටස් වෙළෙඳපොළේ ආයෝජකයෙක්. කොටස් වෙළෙඳපොළ තුළ සිදුවන දේවල් මම දන්නව. ඒ නිසා මම හිතුව අවසානයේදී මේ අභියෝගය භාරගන්න අවශ්‍යයි කියල. ඒ වගේම මම ජනාධිපතිතුමාගෙන් පූර්ණ නිදහස ඉල්ලුව ඒ කටයුත්ත කරගෙන යන්න හරි තිලක් ඔයා කරගෙන යන්න කිව්ව. ඒ අනුවයි මම පසුගිය දෙසැම්බර් 07 වැනිදා වැඩ භාරගත්තෙ. එදා සිට මම ඉල්ලා අස්‌වුණු ඉකුත් අගෝස්‌තු 17 වැනි සිකුරාදා දක්‌වා මගේ මූලික කාර්යභාරය වුණේ මෙම කොමිසම ස්‌ථාපිත කරල තියන පාර්ලිමේන්තු පනතේ තියන අරමුණු ශාක්‌ෂාත් කරගැනීමයි. ගොඩක් දෙනා හිතනව අපි මේ හොරු අල්ලන්න පමණක් කටයුතු කළා කියල. එහෙම නොවෙයි. නමුත් ඒ අරමුණු අතර තියන එකක් තමයි මේ දූෂිත දේවල් සිදුනොවන සහ නිසි පරිදි නියාමනය වන කොටස් වෙළෙඳපොළක් ඇතිකිරීමá ඒ සඳහා අවශ්‍ය කරුණු කාරණා ඉටුකිරීම. ඒ සඳහා අප ක්‍රියා කළා.

2012-08-20
මිලියන 604 ක, ආශා සෙන්ට්‍රල් කොටස් විකිණේ
| ආශා සෙන්ට්‍රල් හොස්පිට්ල්ස් සමාගමේ සියයට 10.82 ක කොටස් රුපියල් මිලියන
604 කට පමණ ඇක්ටිස් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්ග්ස් සමාගම මිලදී ගෙන තිබේ. |
2012-08-19
ගම්මිරිස් සමුළුව ශ්‍රී ලංකාවේ
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සාමාජික කොමිසමේ ආසියා හා පැසිපික් සංවිධානයේ පිහිටුවා ඇති අන්තර්ජාතික රාජ්‍ය සංවිධානයක් වන ජාත්‍යන්තර ගම්මිරිස් සමුළුව ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 02 දක්වා කොළඹ දී පැවැත්වේ.
මෙම සමුළුවේ ස්ථීර සාමාජිකයින් ලෙස ප්‍රධාන වශයෙන් ගම්මිරිස් නිපදවන බ්‍රසීලය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව හා වියට්නාමය සිටී.
සුළු අපනයනය භෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා කළ යෝජනාව අනුව ශ්‍රී ලංකාව මෙම සමුළුවේ සත්කාරක රට වශයෙන් කටයුතු කරනු ඇත.
2012-08-17
ලතින් ඇමරිකානු රටවල් 13 ක් සමග නව සබඳතා
ලතින් ඇමෙරිකානු රටවල් 13 ක් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කිරීමට රජය සූදානම් වන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
බ්‍රිතාන්‍ය, ප්‍රංශය හායුරෝපයේ යටත් විජිත වශයෙන් පැවැති මෙම රටවල් නිදහස ලැබීමෙන් පසුව තිරසාර සංවර්ධනයක් කරා ළඟාවෙමින් පවතී. ලතින් ඇමෙරිකානු කලාපයේ පිහිටි රටවල් 33 අතරින් රටවල් 20ක් සමග ශ්‍රී ලංකාව දැනටමත් තානාපති සබඳතා ඇතිකර ඇත.
නව තීරණය අනුව පහත රටවල් සමග තානාපති සබඳතා ඉදිරියේ දී ඇතිකරනු ලැබේ.
Guatemala, Suriname, Belize, Honduras, Nicaragua, Antigua & Barbuda , Barbados, Dominica, Grenada, Haiti, St Kits & Nevis, St. Lucia, St. Vincent and the Grenadines

කොටස් වෙළෙඳපොළේ අවිනිශ්චිත හෙට දවස
අපේ කොටස් වෙළෙඳපොළ සෑහෙන කලක සිටම දැඩි පසුබෑමකට ලක්‌ව තිබේ. කලෙක ලෝකයේ හොඳම කොටස් වෙළෙඳපොළවල් කිහිපය අතරට පත් ව සිටි අපේ කොටස් වෙළෙඳපොළ පසුව කෙටිකලකින්ම ලෝකයේ නරකම කොටස් වෙළෙඳපොළක් බවටද පත්ව ඇත. මෙසේ වූයේ ඇයි? මීට හේතු මොනවාද?
ඇතැම් අය පවසන පරිදි සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධි නියාමනය මීට හේතුව ද? දැන් දැන් ආරංචි පැතිර යන පරිදි හිටපු සභාපතිනි ඉන්ද්‍රාණී සුගතදාස මහත්මිය මෙන්ම තිලක් කරුණාරත්න මහතාද සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්‌වෙන්නට සූදානම් වෙයි. ඒ ඇයි? එක් පුද්ගලයෙක් වෙනුවට තවත් පුද්ගලයෙක් පත් කළ පමණින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවාද? මෙවන් පසුබිමක් තුළ කොටස් වෙළෙඳපොළේ වර්තමාන තත්ත්වය පිළිබඳ අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.
කොටස් වෙළදපොල සම්බන්ධව තිලක්ගේ ප්‍රකාශය ගැන වාණිජ මණ්ඩලයේ අවධානය
මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කර තිබෙන්නේ වසරකට අඩු කාලයදී සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් දෙදෙනෙකුම ඉවත්වීම පිළිබඳව අවධානය යොමුවිය යුතු බවයි.
මේ නිසා, ප්‍රාග්ධන වෙළඳ පොළේ තිරසාරත්වය ආරක්ෂා කර ගනිමින් සියලුම කොටස් කරුවන්ට දිගු කාලීන ප්‍රතිලාභ හිමිවන ආකාරයේ සක්‍රීය හා ස්ථාවර නියාමන රාමුවක අවශ්‍යතාවය ලංකා වාණිජ මණ්ඩලය විසින් අවධාරණය කර තිබේ.
රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් කරුණාරත්න මහතා පවසා තිබුණේ තමා සිකුරාදාට පෙර සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අදාළ තනතුරින් ඉවත් වන බවත් තමාට එල්ලවූ පීඩනය මෙම ඉවත් වීමට හේතුව බවයි.
මීට පෙර සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ධූරය දැරූ ඉන්ද්‍රාණි සුගතදාස මහත්මියද අදාළ තනතුරෙන් ඉල්ලා අස්වූ අතර අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ මලික් කාදර් මහතා මුදල් අමාත්‍යංශයට මාරු කරනු ලැබීය.
2012-08-16
මහබැංකු පොලී අනුපාතය මෙවරත් ස්ථාවරයි.
Subscribe to:
Posts (Atom)