දිනයේ මිල ඉහළ යාම් අතුරින් කැපී පෙනුණේ සෙලිසින්ග් සමාගමයි. සමාගමේ කොටසක මිල රුපියල් 850.00 සිට රුපියල් 1099.00 ක් දක්වා රුපියල් 249.00 කින් ඉහළ ගියේය. ෂර්ලිමාර් සමාගමේ කොටසක මිල ද රුපියල් 900 සිට 1003.20 ක් දක්වා රුපියල් 103.20 කින් ඉහළ ගියේය.
සිලොන් බෙවරේජස් සමාගමේ කොටසක මිල පෙර දිනට සාපේක්ෂව රුපියල් 34.80 කින් ද ලයන් බෲවරි කොටසක මිල පෙර දිනට සාපේක්ෂව රුපියල් 19 කින් ද ඉහළ ගියේය. මිල පහළ යාම් අතුරින් සමාගම් එතරම් කැපී නොපෙනුණ අතර කළම්ඹු ෆාමසි පෙර දිනට සාපේක්ෂව රුපියල් 8.60 කින් මිල පහළ යාම නෙස්ලේ රුපියල් 6.80 කින් මිල පහළ යාම වැනි සිදුවීම් දැකගත හැකි විය.
සඳුදා මිලංකා හා සමස්ත කොටස් මිල දර්ශක ඉහළ ගිය ද අඟහරුවාදා (21) දර්ශක දෙකක යළි සුළු වශයෙන් පහළ ගියේය.
එදින මිල ඉහළ ගිය සමාගම් අතර එතරම් කැපී පෙනුණු සමාගම් නොතිබුණ අතර මිල පහළ ගිය සමාගම් අතර ෆින්ලෑස් කළම්ඹු කැපී පෙනුණි. පෙර දින රුපියල් 295.00 කට අලෙවි වූ කොටසක මිල එදින රුපියල් 252 ක් දක්වා පහළ ගියේය. ඒ පෙර දිනට සාපේක්ෂව රුපියල් 43 ක මිල පහළ යාමකි. ඔටෝඩ්‍රොම් සමාගමේ කොටසක මිල රුපියල් 710.00 සිට 685.00 ක් දක්වා රුපියල් 25.00 කින් පහළ ගියේය. දිනයේ වැඩිම කොටස් අලෙවි වූයේ පී සී හවුස් සමාගමේය. අලෙවි වූ කොටස් ගණන 8836539 කි. පීපල්ස් මර්චන්ට් කොටස් 1146593 ක්ද රිචර්ඩ් පීරිස් කොටස් 1598066 ක්ද අලෙවි විය. බදාදා දින (22) වන විට වෙළෙඳ පොළ ගනුදෙනු ;මන්ම මිල දර්ශක ද ඉහළ ගියේය.
දිනයේ වැඩිම කොටස් අලෙවි වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේය. අලෙවි වූ කොටස් ගණන 4430597 කි. දිනයේ මිලියනය ඉක්මවා කොටස් අලෙවි වූ සමාගම් ගණන 11 කි. ඇක්මී, එයිට්කන් ස්පෙන්ස්, බ්ලු ඩයමන්ඩ් (ඡන්ද බලය රහිත) එක්ස්පෝ ලංකා, මුලර්ස්, එස් එම් බී ලීසිං (ඡන්ද බලය රහිත) අමානා, ෆී‍්‍ර ලංකා, ලංකා ඔරික්ස් ෆිනෑන්ස්, ටෙස් ඇග්‍රෝ සමාගම් විය. දිනයේ වැඩිම අගයකින් මිල ඉහළ ගියේ පැරගන් සමාගමේ කොටස්ය. පෙර දින රුපියල් 1050 ක්වූ කොටසක මිල එදින රුපියල් 1399.00 ක් දක්වා ඉහළ ගියේය. ඒ පෙර දිනට සාපේක්ෂව රුපියල් 349 ක ඉහළ යාමකි.
කලම්ෂෝ කොටසක මිල එදින රුපියල් 1620 සිට 1835.80 ක් දක්වා රුපියල් 215.80 කින් ඉහළ ගියේය. කැන්ඩි හොටෙල්ස් පී එල් සී කොටසකට ශත 15 ක් බැගින් ද කාර්ගිල්ස් සිලොන් රුපියල් 1.30 ක් බැගින් ද ලාභාංශ ගෙවනු ලබන බව නිවේදනය කර තිබුණි.
සතිය ආරම්භක සඳුදා ගනුදෙනු 4173 ක් වාර්තා වූ අතර අඟහරුවාදා එය දැක්වුණේ 5170 ක් ලෙසිනි. බදාදා එය 11640 ක් දක්වා ඉහළ ගියේය.
සමස්ත කොටස් මිල දර්ශකය සඳුදා ඒකක 4949.41 ක් ලෙස ද අඟහරුවාදා 4945.13 ක් ලෙස ද බදාදා 5027.40 ක් ලෙස ද දැක්විණ. මිලංකා මිල දර්ශකය සඳුදා ඒකක 4569.85 ක් ලෙස ද අඟහරුවාදා ඒකක 4594.92 ක් ලෙස ද බදාදා ඒකක 4693.99 ක් ලෙස ද දැක්වුණි.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති තිලක් කරුණාරත්න මහතාගේ අස්වීම මත හා ඉදිරියේ සිදුවන වෙළෙඳ පොළ ක්‍රියාකාරකම් වෙළෙඳ පොළ ගනුදෙනු කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනු ලබන බව තැරැව්කාර සමාගම් පවසයි.
No comments:
Post a Comment