2012-08-27

සභාපති ඉවත්වීමත් සමඟ

සුරැකුම්පත් හා විනිමය කොමිසමේ
විමර්ශන ඇනහිටීමේ අවදානමක්‌ !

 

තිලක්‌ කරුණාරත්න මහතාගේ ඉල්ලා අස්‌වීමත් සමග කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතාවලට එරෙහිව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සිදුකළ සියලු විමර්ශන ඇනහිටීමේ දැඩි අවදානමක්‌ මතුව ඇතැයි වාර්තාවේ.

සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් විමර්ශන 17 ක්‌ සිදුකරමින් සිටි අතර තිලක්‌ කරුණාරත්න මහතා සභාපති ධුරයට පත් වන විට ඒවා බොහොමයක විමර්ශන කටයුතු නැවතී තිබී ඇත. එම විමර්ශන නැවතී තිබුණේ කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණයක්‌ මත නොවීමද විශේෂත්වයකි. එකී නැවතී තිබුණු විමර්ශන තිලක්‌  කරුණාරත්න මහතා පත්වීමෙන් පසු යළි ආරම්භ වුවද ඔහුට එල්ලවූ බලපෑම් හමුවේ ඔහු ඉල්ලා අස්‌වීමෙන් පසු එකී විමර්ශන ඉදිරියට ක්‍රියාත්මක වීම පිළිබඳ දැඩි අවිනිශ්චිත තත්ත්වයක්‌ මතු වී ඇතැයි එම කොමිෂන් සභා ආරංචිමාර්ගවලින් හෙළිවේ.

මේ ගැන හිටපු සභාපති තිලක්‌ කරුණාරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු  කීවේ හොඳ අවංක සභාපතිවරයෙකු පත්වුවහොත් එම විමර්ශන එලෙසම ඉදිරියට යැමට ඉඩ තිබුණත් එවැනි අයෙකුපත් නොවුවහොත් එම විමර්ශන යළිත් හමස්‌ පෙට්‌ටියට යැමට ඉඩ ඇති බවයි.

මේ වන විට සුරැකුම්පත් හා විනිමය කොමිසමට සභාපතිවරයෙක්‌ මෙන්ම ස්‌ථීර අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකුද නැත. මහාචාර්ය හරීන්ද්‍ර දිසා බණ්‌ඩාර මහතා දැනට වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබයි.

No comments:

Post a Comment