මේ වසරේ පළමු මාස 6 තුළ ජීවිත රක්‍ෂණ අරමුදල සඳහා සිදුකළ රුපියල් බිලියන 3.574 ක ශුද්ධ පැවරුම සමගින් 2012 වසරේ ජුනි 30 වන දිනට සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජීවිත රක්‍ෂණ අරමුදල රුපියල් බිලියන 41.778 දක්‌වා වර්ධනය වී ඇති බව ජීවිත රක්‍ෂණ වෙළෙඳපොළ ප්‍රමුඛයා නිවේදනය කර සිටී.
2011 මුල් අර්ධ වසර තුළ සිදුකළ ශුද්ධ පැවරුම් හි වටිනාකම හා සැසඳීමේදී මෙය සියයට 13.76 ක වර්ධනයකි.
මෙම වසරේ මුල් අර්ධය තුළ ව්‍යාපාරික කටයුතුවල අඛණ්‌ඩ වර්ධනයක් පෙන්නුම් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙසට සමාගමේ මුළු ආදායම සියයට 9.18 කින් වැඩිවීමත් සමඟ රුපියල් බිලියන 6.974 ක් ලෙස වාර්තා වී ඇත.
මෙම කාලය තුළ සමාගම ලද දළ වාරික ආදායම සියයට 7.22 ක වර්ධනයක් සමඟ එය රුපියල් බිලියන 4.9 දක්‌වා ඉහළ ගොස් ඇත. මේ අතර ආයෝජන සහ අනෙකුත් ආදායම් සියයට 14.5 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.975 ක් වී ඇත.
"ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදමත් පුද්ගල ආදායම් අවප්‍රමාණය වීමේ වටපිටාවත් තුළ සමාගම පළමු අර්ධයෙහි ප්‍රකට කළ මෙම සාර්ය සාධනය සැලකිය යුතු මට්‌ටමේ ජයග්‍රහණයක්" යනුවෙන් සෙලින්කෝ ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි ආර්. රෙන්ගනාදන් මහතා පැවැසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ "දැඩි කැපවීමකින් යුතු අපගේ විකුණුම් කණ්‌ඩායමට සහ පසුගිය වසර අට තුළ සමාගම ගොඩනැගු වෙළෙඳපොළ නායකත්වයේ පදනමට මෙහි ගෞරවය හිමි විය යුතුයි" යනුවෙනි.
2011 වසරේ දෙසැම්බර් 31 වැනි දා සිට මේ දක්‌වා සෙලින්කෝ ලයිෆ් හි මුළු වත්කම්වල වටිනාකම සියයට 2.67 කින් වැඩිවී රුපියල් බිලියන 49.536 කට ළඟාවී ඇත.
2012 වසරේ ජුනි 30 වැනි දිනට දළ ඔප්පු හිමි ප්‍රතිලාභ ලෙස සමාගම විසින් ගෙවා ඇති මුදල රුපියල් බිලියන 1.52 ක් වන අතර එහි වර්ධනය සියයට 3.95 කි.
සලකා බලන ලද කාල සීමාවේදී සමාගමේ ආයෝජන කළඹ තුළ රජයේ සුරැකුම්පත් (සියයට 40), බලපත්‍රලාභී පුද්ගලික බැංකු (සියයට 22), රාජ්‍ය බැංකු තුළ (සියයට 17), දේපළ (සියයට 11), ආයතනික ණය (සියයට 5) සහ අනෙකුත් ආයෝජනයන් (සියයට 5) අන්තර්ගත විය. ජීවිත රක්‍ෂණ අරමුදල භාවිත කරමින් සිදුකරන සියලුම ආයෝජන 2000 අංක 43 දරන රක්‍ෂණ ආයතන පනතේ දක්‌වා ඇති උපමානයන්ට අනුරූපව සිදුකළ අතර මෙම ආයෝජන ශ්‍රී ලංකා රක්‍ෂණ මණ්‌ඩලයේ නියාමනයට හා සුපරීක්‍ෂණයටද භාජන වේ.
No comments:
Post a Comment