එටිසලාට් ශ්‍රී ලංකා සමාගම දේශීය වෙළෙඳපොළ තුළ සිදුකරන ප්‍රබල මෙහෙවර සමූහයේ වර්ධනයට ප්‍රබල දායකත්වයක් සපයයි.
අබුඩාබි රාජ්‍යය මූලස්‌ථානය කරගනිමින් ලොව පුරා සන්නිවේදන සේවා සපයන එටිසලාට් සමූහය පසුගිය කාර්තුව සඳහා ශුද්ධ ලාභය 17% කින් වර්ධනය කරගන්නට සමත්ව තිබේ. සම්පූර්ණ ආදායම එමිරේට්‌ස් ඩිරාම් (AED) බිලියන 8.252 වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 296.5 කට ආසන්න වේ. වැඩිදියුණු කරන ලද ජාලය, දත්ත වර්ධනයට නව්‍යකරණ සේවා හඳුන්වාදීම සහ ජාත්‍යන්තර මෙහෙයුම් ආදායම් 14% න් වර්ධනය වීම මෙවන් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා හේතු පාදක වී තිබේ.
එටිසලාට් සමූහය දෙවන කාර්තුව සඳහා ලබාගත් ආදායම ඊට පෙර කාර්තුවේ ආදායමට වඩා 3% ක වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම ෙත්‍රෙමාසික ඒකාබද්ධ ආදායම් මත සමූහයේ වසරින් වසර වර්ධන වේගය 4% ක රඳවාගෙන තිබේ.
2012 වසරේ දෙවන කාර්තුව තුළ එටිසලාට් eLife සේවාව ග්‍රාහකයන් 450,000 ඉක්‌මවා ගිය අතර ජාත්‍යන්තර ග්‍රාහක සංඛ්‍යාව මිලියන 172 ඉක්‌මවා යන ලදී. රටවල් 16 ක මෙහෙයුම් කටයුතු සිදුකරන එටිසලාට් පෙර වසරේ ඒකාබද්ධ ජාත්‍යන්තර ආදායමට 26% ක දායකත්වයක් ලබාදුන් අතර මෙවර එය 28% ක් දක්‌වා වර්ධනය වී තිබේ. මෙම ආදායම් වර්ධනය එටිසලාට් ව්‍යාපාරික කටයුතු සිදුකරන සෑම රටකදීම දැකගත හැකිවීම සුවිශේෂි වේ. ඊජිප්තුවේදී 15% කින් වර්ධනය වූ ආදායම එමිරේට්‌ස් ඩිරාම් මිලියන 1,265 වන අතර එය පෙර වසරේ මෙම කාල පරිච්ඡේදයට අදාළව 5% ක වර්ධනයක් පෙන්නුම් කරයි. මොබයිල් ඩේටා අංශයෙහි වර්ධනය සහ පාරිභෝගික විශ්වාසය යන කාරණා මෙම ආදායම් වර්ධනයට හේතු වශයෙන් දැක්‌විය හැකිවේ.
මිලියන 4 ඉක්‌මවන ග්‍රාහක සංඛ්‍යාව සමගින් මේ වන විට නව්‍යකරණයන් හඳුන්වාදීමේ ප්‍රමුඛයා බවට එටිසලාට් සමාගම පත්ව සිටියි. එටිසලාට් නවතම හඳුන්වාදීම වන්නේ "වෙබ් පාඨශාලා" වැඩසටහනයි. අන්තර්ජාලය භාවිත කරමින් අධ්‍යාපන කටයුතු කරගැනීමේ විශේෂ ක්‍රමවේදයක් වන "වෙබ් පාඨශාලා" වැඩසටහන රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්‌ථාව සහ අධ්‍යාපන අමාත්‍යංශය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලාංකික අධ්‍යාපන සේවා පද්ධතිය තුළ සුවිශේෂ කඩඉමක් වන "වෙබ් පාඨශාලා" වැඩසටහන නවීන තාක්‍ෂණය උපයෝගි කර ගනිමින් රට පුරා විසිරී සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කරවීමට මනා සහයෝගයක් ලබාදෙයි.
No comments:
Post a Comment