2012-08-23

මානව සම්පත් කළමනාකරණ සම්මාන උළෙලේ ස්‌වර්ණ සම්මානලාභී සුපිරි 10 අතරට එක්‌වූ එකම රක්‌ෂණ සමාගම AVIVA NDB


නොබෝදා පැවැති අග්‍රගණ්‍ය මානව සම්පත් සම්මාන උළෙලේදී ස්‌වර්ණ සම්මානයෙන් පිදුම් ලද සුපිරි සමාගම් 10 අතරට එක්‌වීමට AVIVA NDB රක්‌ෂණ සමාගම සමත් විය. මෙම ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලද එකම රක්‌ෂණ සමාගමද AVIVA NDB වීම විශේෂත්වයකි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය මානව සම්පත් වෘත්තිකයන්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලබන අතර මෙහි විශිෂ්ටත්ව ඇගයීම් සිදු කෙරෙනුයේ AVIVA Hewitt ආයතනය මගිනි. මෙම වසරේ සම්මාන උළෙල විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති අතර එහිදී AVIVA NDB රක්‌ෂණ සමාගමෙහි මානව සම්පත් පිළිබඳ අධ්‍යක්‌ෂිකා චතුරි මුණවීර විසින් සමාගම වෙනුවෙන් අදාළ සම්මානය ලබාගන්නා ලදී.

මෙම වසරෙහි ප්‍රවීණ විනිශ්චය මණ්‌ඩලය ජාත්‍යන්තර මානව සම්පත් සංගමයෙහි මානව සම්පත් විධායක අධ්‍යක්‌ෂ නීල් රිචන්බර්ග්, දකුණු ආසියාවේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්හි උප සභාපති යෂ්වන්ත් සඩෂිව්රාඕ, ලංකා සේවා සම්මේලනයෙහි ප්‍රධාන විධායක නිලධාරි සහ අධ්‍යක්‌ෂ ජනරාල් රවී පීරිස්‌, ලංකා වාණිජ මණ්‌ඩලයෙ හි හිටපු සභාපති චන්ද්‍රd ජයරත්න යන විද්වතුන්ගෙන් සමන්විත වූ අතර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ කළමනාකරණ මණ්‌ඩලයෙහි අධ්‍යක්‌ෂ සහ සභාපති මහාචාර්ය උදිත ලියනගේ විසින් එහි ප්‍රධානත්වය දරන ලදී.

මෙම සම්මානය සඳහා අයෑදුම් කරන ලද දේශීය සමාගම් මගින් විදහා දක්‌වන ලද ක්‍රමෝපායික දැක්‌ම පැහැදිලිව ඉදිරිපත් කරන ලද සැලසුම් කුසලතා මත පදනම් වූ සේවක බඳවා ගැනීම් සහ උසස්‌ වීම් ලබාදීම ඇතුළුව සිදුකරන ලද යහ ක්‍රියාකාරකම් පිළිබඳව විනිශ්චය මණ්‌ඩලය අතිශය සෑහීමකට පත්වූ බව මෙහිදී මහාචාර්ය උදිත ලියනගේ පැවැසීය.

By:Divaina

No comments:

Post a Comment