වසර 1872 දී ශ්‍රී ලංකා ස්‌වර්ණ භූමිය මත 25 හැවිරිදි තරුණයකු වූ ෙ-ම්ස් බ්‍රවුන් පා තැබූ මොහොතේ ඔහු වර්තමානයේ මෙරට දැවැන්ත ව්‍යාපාරයක් සඳහා නිර්මාතෘ වෙමින් පළමු පියවර ද තැබීය. වසර 1875 සිට 'බ්‍රවුන්ස්' ලෙස වඩාත් හොඳින් හඳුනන බ්‍රවුන්ස් සහ සමාගම ක්‍ෂේත්‍ර ගණනාවක නියෑලෙමින් විශිෂ්ට සේවාවන් සැපයීමේ නිරතව සිටී.
පැවැත්මෙන් වසර 20 කට පසු බ්‍රවුන්ස් කෘෂිකාර්මික අංශයට පිවිසියේ ය. බ්‍රවුන්ස් වසර 1892 දී කෘෂි අංශය පිහිටුවන ලදී. මෙරට යන්ත්‍ර සූත්‍ර භාවිත කෘෂි කර්මාන්තය සඳහා ප්‍රථම පියවර තබමින් සමාගම "Massey furguson" වෙතින් මෙරටට ප්‍රථම ට්‍රැක්‌ටරය වූ ෆර්ගි' ගෙන්වනු ලැබූයේ ශ්‍රී ලංකාවේ සමස්‌ත වගා සංකල්පයම වෙනස්‌ම තලයකට ගෙන එමිනි. එතැන් සිට පාරිභෝගිකයන් සඳහා විශිෂ්ටතම වගා කිරීමේ විසඳුම් සපයන සමාගමක් ලෙස ජනාදරය දිනූ බ්‍රවුන්ස් මෙරට ගොවි පරපුරේ වගා කිරීමේ ඵලදායිතාව, සෞභාග්‍යය සහ ප්‍රතිලාභ ද ඉහළ නැංවීමේලා නිරන්තරයෙන් යෙදී සිටී. අද වන විට බ්‍රවුන්ස් ශ්‍රී ලංකාවේ රෝද හතර ට්‍රැක්‌ටර් ක්‍ෂේත්‍රයේ දැවැන්තයකු ලෙස ඉදිරියෙන් ම සිටී.
බ්‍රවුන්ස් හි ඉතිහාසය මෙරට පරම්පරා තුනක පාරිභෝගිකයන් සඳහා සේවා සපයමින් පැමිණි විශිෂ්ට ගමනක් පුරා දිවෙයි. වඩාත් විශ්වාසයට හා ගෞරවයට ලක් වූ ව්‍යාපාරික ආයතනයක් වන 'බ්‍රවුන්ස්' සමාගම වර්තමානයේ ජාත්‍යන්තර වෙළෙඳ නාම 60 කට වඩා භාණ්‌ඩ අලෙවියේ යෙදී සිටී. මීට වසර 6 කට පෙර නව කළමනාකාරීත්වය විසින් සමාගමේ හිමිකම භාර ගැනීමෙන් පසුව මෙම විශිෂ්ට උෙද්‍යාaගී ක්‍රියාකාරීත්වය කීප ගුණයකින් ම වැඩි වුණා. මේ පිළිබඳව තම අදහස් දක්‌වමින් බ්‍රනුන්ස් හි කෘෂි/ බැටරි පෝසිලේන් සහ නව ව්‍යාපාර පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති පණ්‌ඩුක වීරසිංහ මහතා පැවැසීය.
මන්නාරමේ වී ගොවියාටත් හිඟුරානේ උක් ගොවියාටත් එහෙමත් නැත්නම් යාපනේ ළුනු ගොවියාටත් පොදු ලක්‍ෂණයක් තිබෙනවා. වීරසිංහ මහතා පැවැසීය. ඔවුන් හොඳ අස්‌වැන්නක් සඳහා යෑපෙන්නේ තම කෘෂි උපකරණ මතයි. එබැවින් ඔවුන්ට ට්‍රැක්‌ටරය කියන්නේ උපකරණයකට වඩා වැඩි යමක්. එය ඔවුන්ට සමීප මිතුරෙක්. සෞභාග්‍ය උදා කරන අපේක්‍ෂාවන් මල්ඵල ගන්වන ඉටු දෙවියෙක් හා සමානයි." ගොවියකුගේ ජීවිතයට "TAFE" කෙතරම් වටිනාකමක් ගෙන දෙන්නේද යන්න පිළිබඳව අවධාරණය කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
නිරන්තරයෙන් ම තම නිපැයුම්වලට අගය එක් කරන්නෙකු ලෙස නමක් දරා ඇති බ්‍රවුන්ස් කෘෂි අංශය ට්‍රැක්‌ටර් නොමිලේ ලියාපදිංචි කිරීම සිදු කරන අතර, රක්‍ෂණ ආවරණයක් ද ලබා දෙයි. මේ මගින් ගොවි මහතුන්ට දරන්න වෙන බර අඩු කරනවා පමණක් නෙමෙයි ඔවුන්ගේ වටිනා කාලය හා මුදල් ද ඉතිරි කර දෙමින් ඔවුන්ට විශාල පහසුවක් සලසනවා" යෑයි වීරසිංහ මහතා අභිමානයෙන් යුතුව පැවැසීය.
මුළු රට පුරාම ඉතා පහසුවෙන් අමතර කොටස් ලබාගත හැකි වීම, පහසු ගෙවීමේ ක්‍රම සහ වසර පුරාම විශේෂිත සේවා කණ්‌ඩායමක් මගින් අලෙවියෙන් පසු සේවාවන් ලබාදීම ආදිය මගින් "TAFE" තමන් පාරිභෝගිකයා වෙත ලබා දෙන පහසුව ඉතා හොඳින් තහවුරු කොට තිබෙනවා" වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙබඳු විශිෂ්ට සේවාවන් පැසසුමට හා සම්මානයට ලක් වූ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. වසර 2010 දී ශ්‍රී ලංකා අලෙවි ආයතනය මගින් සංවිධානය කරන ලද "SLIM" වෙළෙඳ නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී TAFE 45 DI ට්‍රැක්‌ටරය නිෂ්පාදන කාණ්‌ඩයේ හොඳම වෙළෙඳ නාම 10 අතරින් එකක් ලෙස ඇගයීමට ලක්‌විය.
වසර 2011 දී බ්‍රවුන්ස් කෘෂි අංශය ශ්‍රී ලංකාවේ කෘෂි ක්‍ෂේත්‍රයට දක්‌වන ලද අසමසම දායකත්වය වෙනුවෙන් ස්‌වර්ණ ලංකා සම්මානයෙන් පිදුම් ලද අතර, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තලයේ කෘෂි තාක්‍ෂණය හඳුන්වා දෙමින් මෙරට ගොවි ප්‍රජාවගේ ජීවිත නගා සිටුවීමට දක්‌වන ලද කැපවීම වෙනුවෙන් 2011 මාස් ලංකා සම්මානයෙන් ද පිදුම් ලැබීය. එසේම TAFE 45DI' 2011 වසරේදී ජාතික කෘෂි ව්‍යාපාර මණ්‌ඩලය ලංකා වාණිජ මණ්‌ඩලය සමඟ එක්‌ව පවත්වන ලද ජාතික කෘෂි ව්‍යාපාර සම්මාන උළෙලේදී රිදී සම්මානය ද හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා වාණිජ මණ්‌ඩලයේ අනුබද්ධිත සාමාජික ජාතික කෘෂි ව්‍යාපාරික මණ්‌ඩලය මගින් පිරිනමන "ජාතික කෘෂි ව්‍යාපාර සම්මාන 2012 දී "Input Supplier - 4 Wheel Tractor Catergory" සඳහා බ්‍රවුන්ස් ටැෆේ රන් සම්මානයෙන් පිදුම් ලැබූයේ නිරන්තරයෙන් වැඩිදියුණු වන සේවා විශිෂ්ටත්වය නැවත වරක් අගයමිනි. එබඳු ඇගයීම් හා ගෞරවයට ලක්‌වීම මගින් "බ්‍රවුන්ස් ටැෆේ" රෝද හතරේ ට්‍රැක්‌ටර් කර්මාන්තයේ දැවැන්තයා සේම ගොවි ජනතාව අතර වඩාත් ජනාදරය දිනූ ට්‍රැක්‌ටර් වර්ගය බව වඩාත් තහවුරු වේ.
"ගොවි දැතට සවියක් වූ හැඩෙන් වැඩෙන් වගකීමෙන් අලෙවියෙන් සහ පිරිමැස්‌මෙන් ලංකාවේ අංක එකේ "Browns Tafe" ට්‍රැක්‌ටරය ඔබත් අත්විඳින්න" පණ්‌ඩුක මහතා අවසන් වරට තම පාරිභෝගිකයන්ට ආරාධනා කරයි.
No comments:
Post a Comment