කොටස් වෙළෙඳපොළ නියාමනය කරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය
කොමිසමේ සභාපතිවරු දෙදෙනෙක් ම ස්‌වාධීනව රාජකාරි කටයුතු
කිරීමට නොහැකි යෑයි පවසමින් ඉල්ලා අස්‌වීම හමුවේ විශාල
අර්බුදයක් නිර්මාණය වී තිබිණි. තිලක් කරුණාරත්න මහතා කෙළින්ම
කියා සිටියේ කොටස් වෙළෙඳපොළ මාෆියාවෙන් එල්ල වූ දැඩි බලපෑම්
හමුවේ තමා ඉල්ලා අස් වූ බවයි. සුරැකුම්පත් හා විනිමය කොමිසම
යනු කොටස් වෙළෙඳපොළ නියාමනය කළ යුතු ආයතනය වුවත්, ඒ වෙනුවට
සිදුවූයේ කොටස් වෙළෙඳපොළේ බලගතු ආයෝජකයන් ඉතා සුළු පිරිසක්
විසින් එම නියාමක ආයතනයේ සභාපතිවරුන් දෙදෙනකුටම ඉල්ලා
අස්‌වෙනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් නොමැති තත්ත්වයට පත්
කිරීමයි. ඒ අනුව තිලක් කරුණාරත්න ද ඉල්ලා අස් වූ අතර ඉන් පසු
එම තනතුරට ආචාර්ය නාලක ගොඩහේවා පත් කරනු ඇති බවට ආරංචි පැතිර
ගියේය. ඒ ආරංචිය යථාර්ථයක් බවට පත් කරමින් ව්‍යාපාරික දිලිත්
ජයවීරට හිමිකම් ඇති සමාගම්වල ඉහළ තනතුරු දැරූ ආචාර්ය නාලක
ගොඩහේවා, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව
සභාපතිවරයා ලෙස පෙරේදා (28 දා) පත් කරනු ලැබීය. මේ පසුබිම තුළ
කොටස් වෙළෙඳපොළ නියාමනය සහ ආයෝජක රැකවරණය ගැන අපි මේ ලිපියෙන්
සාකච්ඡා කරමු.
කොටස් වෙළෙඳපොළ නියාමනය කිරීමේ ප්‍රධාන අරමුණක් වන්නේ පොදුවේ ආයෝජකයන්ට ආරක්‍ෂිත වාතාවරණයක් ඇති කිරීමයි. සුරැකුම්පත් හා විනිමය කොමිසමට කොටස් වෙළෙඳපොළ නිසි පරිදි නියාමනය කරමින් ආයෝජක රැකවරණය ඇති කළ නොහැකි නම් එවන් කොටස් වෙළෙඳපොළක් පිළිබඳ විශ්වාසය තබන්නට ආයෝජකයන්ට නොහැකි වෙයි. තිලක් කරුණාරත්න මහතාගේ ඉල්ලා අස්‌වීමෙන් පසු කොටස් වෙළෙඳපොළ නියාමනය සම්බන්ධයෙන් ඇති වූ පුළුල් කතිකාව තුළ අපට පැහැදිලි වූ කාරණය වූයේ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයාට ආයෝජක රැකවරණය ඇති කරනවා තබා තමාගේ රැකවරණයවත් සලසා ගෙන අවංකව රාජකාරී කළ නොහැකි වාතාවරණයක් පවතින බවයි. එසේ නම් සාමාන්‍ය ආයෝජකයාගේ තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත. ආචාර්ය නාලක ගොඩහේවා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස පත්වන්නේ මෙලෙස කොටස් වෙළෙඳපොළ නියාමනය සහ ආයෝජක රැකවරණය පිළිබඳ මෙවැනි ඉතා අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය වී ඇති මොහොතකය.
සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපතිවරුන්ව සිට ඉල්ලා අස් වූ ඉන්ද්‍රානි සුගතදාස සහ තිලක් කරුණාරත්න යන දෙදෙනා සම්බන්ධයෙන් ම බොහෝ දෙනෙක් තුළ ඇති පිළිගැනීම වන්නේ ඔවුන් ඉතා අවංකවත්, සෘජුවත් රාජකාරී කළ බවයි. ඔවුන් හරියට රාජකාරි කරන විට ඉන් අසතුටට පත් වූ ඇතැමුන් ඒ සභාපතිවරුන් දෙදෙනාටම දැඩි බලපෑම් ඇති කළේය. එම බලපෑම් හමුවේ ඒවාට යට නොවූ එම දෙපළම කළේ ඉල්ලා අස්‌වීමයි. තනතුරක් බදාගෙන පුටුවක් රත් කරනවා වෙනුවට ඒ දෙදෙනාම ගෞරවාන්විතව ඉල්ලා අස් වූයේය. ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය රජයේ බලගතු නිලධාරිනියකි. ඒ මහත්මිය මෙන්ම තිලක් කරුණාරත්න මහතාත් කාගේවත් බලපෑම්වලට යටත් වන දුර්වල අය නොවූවත් ඔවුන් ඉල්ලා අස් වූයේ තමන් පත් කළ දේශපාලන අධිකාරියෙන් ද ස්‌වාධීනව රාජකාරි කරගෙන යැමට අවශ්‍ය සහාය නොලැබුණු නිසා විය යුතුය. එසේ නම් ඉන්ද්‍රාණි සුගතදාසට හා තිලක් කරුණාරත්නට කිරීමට නොහැකි වූ දේ නාලක ගොඩහේවා කරන්නේ කෙසේද? ඒ නිසා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති ධුරයට අලුතින් පත්ව සිටින නාලක ගොඩහේවාට ඇත්තේ විශාල අභියෝගයකි. එහෙත් ආචාර්ය ගොඩහේවාව පත්කර තිබෙන්නේ හිටපු සභාපතිවරු දෙදෙනාම කළ දේවල් නොකර සිටීමට නම් ඔහුට කිසිම අභියෝගයක් ඇති වන්නේ නැත. එසේම ඔහුට කොටස් වෙළෙඳපොළ මාෆියාවෙන් කිසිදු බලපෑමක් ද ඇති නොවී චිරාත් කාලයක් සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස යෙහෙන් වැජඹීමට ද අවස්‌ථාව ලැබෙනු ඇත. එහෙත් එවන් තත්ත්වයක් උදා වුවහොත් එහිදී සිදුවනු ඇත්තේ කොටස් වෙළෙඳපොළ අල්ලේ නැටවීමට උත්සාහ කරන දෙතුන්දෙනෙකුට රැකවරණය සැලසීමක් මිස සමස්‌ත කොටස් වෙළෙඳපොළ ආයෝජකයන්ට රැකවරණය සැලසීමක් නොවේ. ඒ නිසා ආචාර්ය ගොඩහේවාගේ සභාපතිත්වය යටතේ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ක්‍රියාකාරීත්වය දෙස අපි බලා සිටිමු.
සුරැකුම්පත් හා විනිමය කොමිසම, කොටස් වෙළෙඳපොළ කටයුතු අධීක්‍ෂණය සහ විධිමත් කිරීම සඳහා ව්‍යවස්‌ථාදායක පනතක් මගින් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති රජයේ ආයතනයකි. මෙහි ප්‍රධාන අරමුණු ලෙස (1) සුරැකුම්පත් විධිමත් හා සාධාරණ ආකාරයට නිකුත් කළ හැකි වූත්, වෙළෙදාම් කළ හැකි වූත්, වෙළෙඳපොළක් බිහි කිරීම සහ පවත්වා ගෙන යැම (2) සුරැකුම්පත් වෙළෙඳපොළ විධිමත් කිරීම සහ එහි වෘත්තීය ප්‍රමිති පවත්වා ගෙන යැම (3) ආයෝජකයන් ආරක්‍ෂා කිරීම සහ (4) තැරැව්කරුවකු තම ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීමට අපොහොසත්වීම හේතු කොට ගෙන ඇතිවන මුදල් අලාභ සම්බන්ධයෙන් ආයෝජකයන් ආරක්‍ෂා කිරීම පිණිස වූ වන්දි අරමුදලක් ක්‍රියාත්මක කිරීම යන කරුණු සඳහන් කළ හැකිය. මේ අරමුණු ඉටුකර ගැනීම සඳහා (විශේෂයෙන් ආයෝජක රැකවරණය සඳහා) කොමිසම විසින් කොටස් වෙළෙඳපොළ සම්බන්ධ නීතිරීති සහ විධිවිධාන පැනවීමත්, ඒවා ක්‍රියාත්මක කිරීමත් සහ ඒවා කඩකරන්නන් සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත් කරයි.
සාමාන්‍ය මහජනයාට කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමත් සමඟ සුළු පරිමාණ ආයෝජකයන්ට ආරක්‍ෂාව සැලසීම ඉතා වැදගත් කරුණක් බවට පත්විය. අධිකරණ ක්‍රියාමාර්ගයකින් සහන ලබා ගැනීම සඳහා විශාල කාලයක් සහ මුදලක් වැය වීමත්, සාපේක්‍ෂව දැනුම අඩු ආයෝජකයන් කොටස් වෙළෙඳපොළට පිවිසීමත් යන ප්‍රධාන හේතු දෙක නිසා ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම ඉතා වැදගත් කරුණක් බවට පත්ව ඇත. මේ අනුව කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඊට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාව ද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට ඇත. අපට දැන ගන්නට ඇති පරිදි කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන 17 ක් තිලක් කරුණාරත්න මහතා ඉල්ලා අස්‌වන විට විභාග වෙමින් පැවතී ඇත. මීළඟට ඇති ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ මෙකී විමර්ශනවලට කුමක් වේද යන්නයි.
තිලක් කරුණාරත්න මහතා පත්වන විට කොමිෂන් සභාවේ තීරණයකින් තොරව ලැබී තිබුණු යම් යම් උපදෙස් අනුව කොමිෂන් සභාවේ විමර්ශන ඇණහිට තිබිණි. ඒවා යළිත් ආරම්භ කිරීමට තිලක් කරුණාරත්න මහතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන්ගේ සහායද ඇතිව නායකත්වය ගන්නා ලදී. මෙය කොමිෂන් සභාවේ විමර්ශනයට ලක් වූ බලවත් පුද්ගලයන්ගේ උදහසට ලක් ව තිබූ අතර එම විමර්ශනයන්ට අදාළ ලිපි යෑවීම පවා ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ ආයෝජකයන් බිය වැද්දීමක් ලෙසය. මීට ටික කලකට පෙර අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ කොටස් වෙළෙඳපොළට සම්බන්ධ විවිධ පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්‌වීමකදී පරිගණක තිර ඇසුරින් ඉදිරිපත් කිරීමක් කළ දිලිත් ජයවීර මහතා ද කොමිසමෙන් ආයෝජකයන්ට යවන ලිපි නිසා ආයෝජකයන් බියට පත්වන බව සඳහන් කර තිබිණි. ඒ බව ජයවීර මහතා ඉකුත් අගෝස්‌තු 21 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවේදී ද ප්‍රකාශ කළේය. එහෙත් එහිදී මේ ලියුම්කරු දිලිත් ජයවීර මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ සමස්‌ත ආයෝජක ප්‍රජාවම බියට පත්වන්නේ කොමිසමේ විමර්ශන කාර්යයේ කොටසක් ලෙස ඉතා රහසිගතව යවන ලිපි මාධ්‍යයට ලබා දෙමින් ඒවා ප්‍රසිද්ධයට පත් කිරීමෙන් නොවේද යන්නයි. කෙනෙක්‌ට අවශ්‍ය නම් එසේ තර්ක කළ හැකි බව ද ජයවීර මහතා එහිදී කියා සිටියේය. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහුට ද සුරැකුම්පත් හා විනිමය කොමිසමෙන් ලිපි 4 ක් හෝ 5 ක් ලැබී ඇති බව ද ජයවීර මහතා කියා සිටියේය. තමන්ට ඇති විමර්ශනවලට මුහුණ දීමට සූදානම් බව ද ඔහු එහිදී කීවේය. සුරැකුම්පත් හා විනිමය කොමිසමේ විමර්ශනයක් තිබූ පමණින් ඒ කිසිවෙක් හෝ ආයතනයක් වරදක් කර ඇති බවක් අදහස් නොවන බව ද මෙහිදී සඳහන් කළ යුතුය.
මෙවන් පසුබිමක් තුළ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට ජනාධිපතිවරයා විසින් පෙරේදා (28 දා) පත් කරනු ලැබූ ආචාර්ය නාලක ගොඩහේවා යනු දිලිත් ජයවීරලා සමඟ සම්බන්ධතා ඇති, එසේම ඔහුට හිමිකම් ඇති දිවස ෆිනෑන්ස් සමාගමේ සභාපති ධුරය ද දරන ලද පුද්ගලයකු වීම විශේෂත්වයකි. මේ පසුබිම තුළ යම් හෙයකින් නාලක ගොඩහේවා මහතා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිධුරයට පත් කළහොත් අරමුණු අතර ගැටීමක් (ඤබකෙසජඑ දෙ සබඑeරුsඑ) ඇති වනවා නොවේ දැයි ඔහුගෙන් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට දිලිත් ජයවීර මහතා එය පිළිගත්තේය. එසේම එවිට තම සමාගම්වල තනතුරු දැරීමට ගොඩහේවා මහතාට නොහැකි වනු ඇති බව ද ඔහු කියා සිටියේය. මේ මාධ්‍ය ප්‍රශ්න කිරීම්වලට ලක් වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතාම දැන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත්ව සිටී. අරමුණු අතර ගැටීම වැළැක්‌වීම සඳහා නව පත්වීම ලැබීමට පෙරම ආචාර්ය ගොඩහේවා ඉහත කී තනතුරුවලින් ඉවත් වී ඇති බව ද අපට දැනගන්නට ඇත. තනතුරුවලින් ඉවත් වූ පමණින් පුද්ගල සම්බන්ධතා අහෝසි නොවන බව ද අප කවුරුත් දන්නා දෙයකි. මේ ආශ්චර්යමත් පත්වීම ගැන ආරංචි වූ අයෙක් මේ ලියුම්කරුට කියා සිටි කතාවක් ද මේ අවස්‌ථාවේ සිහිපත් වේ. එනම් ඔහු කීවේ "නරියට කුකුල්ලු බාර දුන්නා වගේ" යන පැරැණි සිංහල කියමනය. එහෙත් එය එසේම යෑයි කියන්නට අප ඉක්‌මන් විය යුතු නැත. එය එසේම ද එසේ නොවේද යන්න ආචාර්ය ගොඩහේවාට ඔහුගේ සභාපති ධුරයේ ඉදිරි ක්‍රියාකාරීත්වය තුළින් ඔප්පු කළ හැකි බව අපගේ හැඟීමයි. පුදනකොටම කාපි යකා යෑයි නොකියන්නට අප විසින් ඔහුට එතෙක් අවස්‌ථාව ලබා දිය යුතුව ද තිබේ. ඒ නිසා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ඉදිරි ක්‍රියාකාරීත්වය දෙස අපි විමසුම් ඇසින් බලා සිටිමු.
By:Divaina

No comments:
Post a Comment